Instructor
Sanoj Silva
React කියන්නෙ මේ වෙනකොට ලොකු demand එකක් තියෙන frontend library එකක්. Web development උනත් Job market එකේ උනත් React දන්නවනම් ඔයාට ගොඩක් ඉස්සරහට යන්න පුලුවන්. මේ Course එක beginners focus කරලා හදපු course එකක්. ඒ නිසා ඔයාට මුල ඉදන්ම මේක follow කරන් යන්න පුලුවන්.
මේ course එක ඉවර වෙද්දි ඔයාලට කොහොමද application එකක් තනියම React වලින් ගහන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න පුලුවන්. Lessons 26ක් තියෙන මේ course එක ඔයාට සතියක් වගේ කාලෙකින් උනත් කරල ඉවර කරන්න පුලුවන්.
මේ course එකේ අපි applications 2ක් හදනව. මුලින් basics ටික ඉගෙන ගත්තට පස්සෙ අපි todo application එකක් හදනව. ඒකෙන් ඔයාලට ඉගෙන ගත්ත concepts practically use කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න පුලුවන්.
ඒ වගේම course එකේ අන්තිමට අපි restaurant app එකක් හදනව. ඒකෙන් අපි backend එකක් එක්ක communicate කරල database එකකින් data ගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නවා.
ඔයාල මේ course එකෙන් උපරිම ප්‍රොයෝජනය ගන්නනම් Javascript ES6 වල පොඩි idea එකක් අරන් එන්න. මොකද ගොඩක් ES6 දේවල් මේ course එකේ use කරනව. ඒත් මන් ඒ දේවල් use කරද්දි මන් පොඩි introduction එකක් දෙනව. ඒ නිසා ඔයාලට ES6 ගැන පොඩි idea එකක් තිබ්බනම් ඇති.
ඇවිත්ම බලන්න කොහොමද කියල :) . වැඩි විස්තර වලට පහල තියෙන video එක බලන්න.
/courses/react-js-for-beginners